ඉන්දීයාවේ සියයට 7ක ආර්ථික වර්ධනයක්


ඉන්දියාවේ අප්‍රේල් සිට ජූනි දක්වා ආර්ථික වර්ධනය 7% ක අගයේ පවතින බව වාර්තා වෙයි.

මෙය පෙර කාර්තුවේ වාර්තා කළ 7.5% ක ආර්ථික වර්ධනය සමග සැසඳීමේදී සුළු පසුබෑමක් සේම, මීට පෙර සිදුකළ පුරෝකථනයන්ට ළඟා නොවීමක් බවද කියයි.

කෙසේ වෙතත්, චීනය හා ඉන්දියාව මේ වනවිට දෙවැනි කාර්තුව තුළ 7% ක ආර්ථික වර්ධන වේගයක් රඳවා ගනිමින් ලෝකයේ වේගවත් සංවර්ධනයක් සහිත ප්‍රමුඛ රාජ්‍යයන් බවට පත්ව සිටී.



Recommended Articles