ඉන්දීයාවේ කන්‍යා සොහොයුරියක් සමූහ දූෂණයට ලක්වෙලා


කල්කටා කන්‍යාරාමයක් තුළදී වැඩිහිටි කන්‍යා සොහොයුරියක් සමූහ දූෂණයට ලක් කිරීම සහ දිල්ලි අගනුවරට නුදුරින් පිහිටි හර්යානා දේවස්ථානයට අලාභානි සිදුකිරීම පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සංවේගයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

කන්‍යා සොහොයුරිය සමූහ දූෂණයට ලක්වීම ඇතුළු මෙම සිදුවීම් දෙක සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස උපදෙස් ලබාදී ඇති බව අගමැතිවරයාගේ ට්විටර් ගිණුමේ සඳහන් වේ.

මේ අතර, කන්‍යා සොහායුරියට සිදුකළ අපරාධය සම්බන්ධයෙන් පොලීසිය කඩිනම් පියවර නොගැනීමට විරෝධය පා එම ප්‍රදේශයේ කඩසාප්පු වසා දමා ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.



Recommended Articles