ඉන්දියාව පුරා ගව ඝාතනය තහනම් කිරීමේ නීතියට තාවකාලික තිතක්


ඉන්දියාව පුරා ගව ඝාතනය තහනම් කිරීමට අවස්ථාව සැලසෙන නීතියක් ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

ඉන්දියාව පුරා පාලනයකින් සහ නිසි ක්‍රමවේදයකින් තොරව ක්‍රියාත්මක වන සත්ව වෙළෙඳාම වැළැක්වීම සඳහා ඉන්දීය රජය මෙම තහනම ගෙනඑනු ලැබීය.

කෙසේ වෙතත්, මෙම නීතියට එරට මුස්ලිම් ප්‍රජාව දැඩි විරෝධයක් දක්වා ඇති අතර, එරට මස් වෙළෙඳුන් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ පෙත්සම්ද සලකා බැලීමෙන් පසුව මෙම තාවකාලික තහනම පනවා තිබුණි.

කෙසේ වෙතත්, අගෝස්තු මාසය අවසාන වනවිට ඉන්දීය රජය අදාළ නීතියට සංශෝධන සහිතව ඉදිරිපත් කරනු ඇති බව වාර්තා වෙයි.

ඉන්දියාව තුළ ගවයා පූජනිය සත්වයෙකු ලෙස හින්දූන් සලකන බැවින්, එරට තුළ බොහෝ ප්‍රාන්තවල ගව ඝාතනය තහනම් කර තිබේ. කෙසේ වෙතත්, මෙම නීතිය සම්මත වූයේ නම් මී හරකුන් ඝාතනය තහනම් කිරීමටද අවස්ථාව සැලසෙනු ඇති බව කියවුණි.



Recommended Articles