ඉන්දියාව අභ්‍යවකාශ ඉලක්කයට තවත් ළං වෙයි


අසල්වැසි ඉන්දියාව සිය අභ්‍යවකාශ වැඩසටහනෙන් මෙතෙක් නිපදවනු ලැබූ විශාලතම රොකට්ටුව ඉතා සාර්ථකව අභ්‍යවකාශ ගත කළ බව ඉන්දීය මාධ්‍ය පවසයි.

මෙතෙක් නම් නොකළ කැප්සුලයක්ද මෙම රොකට්ටුවට සම්බන්ධ කර තිබුණු අතර, අනාගතයේදී මේ තුළින් අභ්‍යවකාශය වෙත ගගණගාමීන් රැගෙන යාමේ බලාපොරොත්තුවක්ද ඔවුන් සතු බව වාර්තා වෙයි.

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය පෙන්වා දෙන්නේ මෙම රොකට්ටුව ආධාරයෙන් වැඩි බරකින් යුතු චන්ද්‍රිකා කක්ෂගත කිරීමට හැකියාව ඇති බවය. එමෙන්ම තව දුරටත් ඉන්දියාවට විදේශීය රටවල චන්ද්‍රිකා කක්ෂගත කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවද ඔවුන් අවධාරණය කළේය.

ඉන්දියාව මීට මාස කිහිපයකට පෙර අඟහරු ග්‍රහයා වෙත අභ්‍යවකාශ යානයක් යවන ලද ප්‍රථම ආසියානු රට බවට පත්වූයේ, ඇමෙරිකානු නාසා ආයතනයේ අඟහරු මෙහෙයුමට වඩා අතිශය අවම පිරිවැයක් දරමිනි.

 

 



Recommended Articles