ඉන්දියාවේ හින්දු පූජා කර්ම අතරතුර සිදුකරන සත්ව බිලි පූජා තහනම් කිරීමට එරට හිමාචල් ප්‍රාන්ත අධිකරණය නියෝග කර ඇති බව වාර්තා වෙයි.
මෙවැනි බිලි පූජා සඳහා සතුන් යොදා ගනිමින් එම සතුන් මරා දැමීම ම්ලේච්ඡ ක්‍රියාවක් ලෙස හිමාචල් ප්‍රාන්ත අධිකරණය පෙන්වා දී ඇති අතර, බිලිදීමේදී සතුන්ට වේදනා විදීමට සිදු වන බව අවධාරණය කර තිබේ.
මේ ආකාරයේ බිලිපූජා ඉන්දියාවේ ඇතැම් හින්දු කොවිල් තුළ සිදුවන අතර, එහිදී, එළුවන් වැනි සතුන් මරා දැමීමේ සම්ප්‍රදාය පරම්පරා ගණනාවක් දක්වා දිවෙන බව පැවසෙයි.
එහිදී, හිමාචල් අධිකරණයට ඉදිරිපත් වූ සාක්ෂිවලින් හෙළිවී ඇත්තේ මෙසේ බිලි පූජාවලට හසු වී සතුන් දහස් ගණනක් මියයන බවයි.