ඉන්දියාවේ විවාහ මංගල උත්සවයක් අතරතුර තාප්පයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
විවාහ මංගල උත්සවය අතරතුර ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාවෙන් බේරීම සඳහා ඉදිකර තිබූ ටකරං මඩුවකට මෙම තාප්පය කඩා වැටී තිබේ.
රාජස්ථාන් ප්‍රාන්තයේ, භාරත්පූර් නගරයේදී සිදුවූ මෙම ඛේදවාචකයෙන් තවත් පුද්ගලයන් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් 15කගේ තත්ත්වය බරපතල බවද රෝහල් ආරංචි මාර්ග පවසයි.
ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පවසා තිබුණේ මෙම ටකරං මඩුව විවාහ උත්සවය සහභාගී වූවන්ට ආහාර සැපයූ ස්ථානය බවයි.
අඩි 90ක් පමණ දිග මෙම තාප්පය අඩි 13ක් පමණ උසින් යුතු බවත්, බොහෝ දෙනෙකු සුන්බුන් අතර සිරවී සිටි නිසා ජීවිත බේරාගැනීම අතිශය දුෂ්කර කටයුත්තක් වූ බවත් වැඩිදුරටත් සඳහන් වෙයි.