ඉන්දියාවේ වර්තමාන ඩොන් අත්අඩංගුවට


වසර 20ක කාලයක් ඉන්දියාවට කට්ටි පනිමින් සිටි පාතාල ඩොන් කෙනෙකු ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත්ව තිබේ.

රාජේන්ද්‍ර සදාෂිව් හෙවත්, චෝටා රාජන් ලෙස මෙම පාතාල නායකයා මිනීමැරුම් රැසකට චෝදනා ලැබූවෙකි.

ඊයේ සිඩ්නි නුවර සිට ඉන්දුනීසියාවේ බාලි දූපත් වෙත ගුවනින් පැමිණි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට පත්ව තිබුණි.

ව්‍යාජ නමක් භාවිත කරමින් ඔහු ඔස්ට්‍රේලියාවේ සිට පැමිණෙන බවට ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් ලබාදුන් ඔත්තුවක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ.



Recommended Articles