ඉන්දියාවෙ උතුරුදිග ඇසෑම් ප්‍රාන්තයේ ගංගාවක සිදුවූ බෝට්ටු අනතුරකින් විශාල පිරිසක් මියගොස් ඇති බව විශ්වාස කෙරෙයි.
බෝට්ටු තරගක් වෙනුවෙන් විශාල පිරිසක් පටාවා ගත් මෝටර් බෝට්ටුවක් මෙසේ අනතුරට පත්ව ඇති අතර, එය කම්රුප් දිස්ත්‍රික්කයේ, කොලෝහි ගංගාවේදී මෙසේ අනතුරට පත්ව තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේදී බෝට්ටුවේ කොපමණ පිරිසක් සිටියේද යන්න පැහැදිලි නැති නමුත්, එහි 50 - 200ත් අතර පිරිසක් සිටින්නට ඇති බව විශ්වාස කෙරෙයි.
මේ අතරින් වැඩි පිරිසක් පිහිනා දිවි බේරාගෙන තිබුණත්, පුද්ගලයන් 20 දෙනෙකු පමණ අතුරුදන්ව සිටින බව බලධාරීන් කියයි.