ඉන්දියාවේ බැතිමතුන් තෙරපී 27ක් ජීවිතක්ෂයට


ඉන්දියාවේ, අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේදී හින්දු බැතිමතුන් පිරිසක් ශුද්ධ වූ ගෝධවාරියා ගංගාව අසලදී තෙරපීමකට ලක්වීමෙන් පුද්ගලයන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම ගංගාව අසබඩට පැමිණි බැතිමතුන් පාලනය කරගැනීමට නොහැකි වී ඇති අතර, එහිදී ඇති වූ අධික තදබදයෙන් මෙම තෙරපීම සිදුව තිබේ.

අද උදෑසන කාලයේදී රාජාහ්මුන්ඩ්‍රි දිස්ත්‍රික්කයේදී මෙම අවාසනාවන්ත ඉරණය උදාවී තිබේ.

දින 12ක් පුරා පැවැත්වෙන මෙම හින්දු ආගමික උලෙළට මිලියන 24කට අධික ජනතාවක් පැමිණෙන බව පැවසෙයි.



Recommended Articles