ඉන්දියාවේ බස් රථයක් පෙරළී 33කට දිවි අහිමියි


උතුරුදිග ඉන්දියාවේදී බස් රථයක් පාලමකින් ගංගාවකට පෙරළී එහි ගමන්ගත් පුද්ගලයන් 33 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම බස් රථය අනතුරට පත්වන අවස්ථාවේදී එහි පුද්ගලයන් 50 දෙනෙකු ගමන් කර ඇති බවත්, රථයේ රියදුරු වයස අවුරුදු 16ක බාළ වයස්කරුවෙකු බවත් පොලීසිය අනාවරණය කරගෙන තිබේ.

බස් රථය අඩි 100ක පමණ ප්‍රපාතයකින් බානාස් ගංගාවට පෙරළී ඇත්තේ රථයේ වේගය පාලනය කරගැනීමට රියදුරුට නොහැකි වීමෙන් බවද මූලික පොලිස් පරීක්ෂණ පෙන්වා දී තිබේ.

රාජස්ථනයේ සිට රාම්දේව්ජි හින්දු දේවස්ථානය වෙත මගීන් රැගෙන යමින් සිටියදී මධෝපූර් දිස්ත්‍රික්කයේදී මෙම අනතුර සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

අනතුරින් ජීවිතක්ෂයට පත්වූ සියලු දෙනාගේම පාහේ සිරුරු සොයාගෙන ඇති බවත්, තුවාල ලැබූවන් රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බවත් එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසයි.

1_Accident 2



Recommended Articles