ඉන්දියාව තුළ භාවිතයෙන් ඉවත්කරන ලද රු.500/- සහ රු.1,000/- නෝට්ටු බැංකු හා තැපැල් කාර්යාලවල පිහිටි තම බැංකු ගිණුම්වල තැන්පත් කිරීම සිකුරාදා දිනය වනවිටත් සිදුවූ බව එරට මාධ්‍ය වාර්තා කරයි.
එරට තුළ අප්‍රකාශිත මුදල් හා ව්‍යාජ මුදල් හඳුනා ගැනීමේ අරමුණින් මේ ආකාරයෙන් රු.500/- සහ රු.1000/- නෝට්ටු භාවිතයෙන් ඉවත් කිරීම සඳහා පසුගිය මාසයේ සිට එරට මහ බැංකුව විසින් ජනතාවට සහන කාලයක් ලබාදුන්නේය.
ඒ අනුව, මෙම නෝට්ටු ලබාදෙමින් අලුත් නෝට්ටු ලබාගැනීම හෝ ඒවා බැංකුවල තැන්පත් කිරීමට ජනතාවට අවකාශය පැවති අතර, මෙය ඉන්දියාව තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ සිදුවීමක් විය.
විශේෂයෙන්ම, මෙම පැරණි මුදල් නෝට්ටු වෙනුවට නව මුදල් නෝට්ටු ලබාදීමේ අවසන් කාලසීමාව ඉක්මවා යෑමත් සමග මෙම පැරණි මුදල් නෝට්ටු තහනම ක්‍රියාවට නැංවෙන්නේ කෙසේද යන්න ගැන බොහෝදෙනා තුළ විවාදයක් ඇති විය.