ඉන්දියාවේ නැගෙනහිර වෙරළ කලාපයට හුඩ් හුඩ් දැඩි හානි ගෙනෙයි


ඉන්දියාවට කඩා වැදුණු හුඩ් හුඩ් සුළි කුණාටුව එරට නැගෙනහිර වෙරළ තීරයට දැඩි අලාභානි සිදුකර ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

හුඩ් හුඩු සුළි කුණාටුව පැයට කිලෝමීටර් 205ක පමණ වේගයකින් විසාඛාපට්නම් ප්‍රදේශය හරහා හමාගොස් ඇති බවත්, අන්ද්‍රා ප්‍රදේශ් පුද්ගලයන් තිදෙනෙකු හා ඔරිස්සා හි පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් වාර්තා වෙයි.

ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තය හරහා හමා ගිය අතර එම ප්‍රදේශයේ ගස් පෙරලී විදුලි රැහැන් කඩා වැටී ඇති අතර ගොඩනැගිලිවලටද හානි සිදු වී ඇති බව කියයි.

මීළඟ පැය කිහිපය ඇතුළත කුණාටුවේ ප්‍රචණ්ඩත්වය අඩු වීමට නියමිත නමුත් දින කිහිපයක් ගත වන තුරු තද වැසි වැටෙනු ඇති බව කාලගුණ විද්‍යා අංශ පවසයි.

සුළි කුණාටුව හමායාමට පෙර එම කලාපයේ 350,000ක් පමණ ජනතාව ඉවත් කිරීමට පියවර ගැනීම නිසා මෙසේ ජීවිත හානි ප්‍රමාණය අඩුවී අති බවද කියැවෙයි.

එසේ ආරක්ෂිත ස්ථාන කරා යොමුකළ ජනතාවට අවශ්‍ය ආහාරපාන හා වාසස්ථාන වෙනුවෙන් මධ්‍යස්ථාන සිය ගණනක් ස්ථාපිත කර තිබුණු බවද වාර්තා වෙයි.

 



Recommended Articles