ඉන්දියාවේ න්‍යෂ්ටික බලශක්තියට රුසියානු සහාය


ඉන්දියාව තුළ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක 10ක් ඉදිකිරීම සඳහා රුසියාවේ සහාය හිමිවන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසයි.

ඉන්දියාවේ සංචාරයක යෙදෙන රුසියානු අගමැති ව්ලැඩිමීර් පූටින් සමග බලශක්ති ගිවිසුම් කිහිපයකට එළැඹීමට ඉන්දියාව කටයුතු කළේය.

එමෙන්ම, ඉන්දියාවේ අවි ආයුධ සැපයුම්කරුවන් අතර ඉදිරියෙන්ම පසුවන රටක් ලෙසද මෝදි විසින් රුසියාව හඳුන්වාදෙන ලදී.

පූටින් ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය සිදුවූයේ ඉන්දියාව දැඩි බලශක්ති අර්බුදයක පසුවන කාලයක වීමත්, බටහිර සම්බාධක හේතුවෙන් රුසියාව වැඩිදුරටත් ආසියානු කලාපයේ සහයෝගීතාව වර්ධනය කරගැනීමට කටයුතු කරන අවධියක වීමත් විශේෂත්වයකි.



Recommended Articles