ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තය හා ඊසානදිග ඇසෑම් ප්‍රාන්තය යා කරමින් ලෝහිත් ගංගාවට ඉහළින් කිලෝ මීටර් 9.15ක් දිග ඉන්දියාවේ දිගම පාලම විවෘත කර තිබේ.
විශේෂයෙන්ම ඉන්දියාවේ අර්නාචල් ප්‍රදේශ් ප්‍රාන්තය දකුණුදිග ටිබෙටය ලෙස චීනය අර්ථ දැකීමට පටන් ගැනීමත්, ක්‍රමක්‍රමයෙන් චීනය ඉන්දියාවේ භූමිය වෙත ඇඟිලි ගැසීමට පැමිණීමත් සමගම මේ ආකාරයෙන් තම ප්‍රාන්ත යටිතල් පහසුකම්වලින් සම්බන්ධ කිරීමට ඉන්දියාව කටයුතු කරමින් සිටියි.
මෙම අරුනාචල් ප්‍රාන්තය වෙත ටිබෙටයේ ආධ්‍යාත්මික නායක දලයි ලාමා සිදුකළ සංචාරයට චීනය දැඩි විරෝධයක් පෑ අතර, එම ප්‍රාන්තයේ ඉන්දීය හමුදාවට අවශ්‍ය යටිතල පහසුකම් දියුණු කිරීමට එරෙහිවද චීනයේ බලවත් විරෝධය එල්ල විය.
නමුත්, ඉන්දියාව දිගින් දිගටම ඒ සියලු විරෝධයන් නොසලකා හරිමින් තම කාර්යය සිදුකරගෙන ගියේය.
කෙසේ වෙතත්, ධෝලා සාදියා නමැති මෙම දැවැන්ත පාලම ඉන්දියාවේ ප්‍රාන්ත යා කරමින් ඉදිකිරීමටද මේ ආකාරයෙන් චීනයේ අතපෙවීම් හේතු වී ඇති අතර, 2011 වසරේදී එහි ඉදිකිරීම් ඇරඹී ඇත.
මෙම දැවැන්ත පාලම ඉදිකළ නවයුග ඉංජිනේරු ආයතනය පවසා සිටියේ සැබවින්ම අතිශය බෑරෑරුම් නිර්මාණ කාර්යයක් අවසන් කළ බවයි. යම් නොවැළැක්විය හැකි හේතූන් නිසා ඉදිකිරීම් කටයුතුවල වේගය අඩු වුවත්, නියමිත කාලයේදී එය අවසන් කිරීමට හැකි වූ බවද ඔවුහු පවසති.
මෙම දැවැන්ත පාලමට අමතරව, ද්විත්ම මංතීරු රැගත් අරුනාචල් අධිවේගී මාර්ගයද ඉදිකරමින් සිටියි. එමෙන්ම, දෙවැනි ලෝක යුද සමයේ වූ පැරණි මාර්ගයක් සංවර්ධනය කිරීම මෙන්ම, තවත් ව්‍යාපෘති හතරක් යටතේ පවතින මාර්ග පුළුල් කිරීමේ කටයුතුද අරඹා තිබේ.