ඊසානදිග ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේදී තවත් ගැහැණු දරුවන් දෙදෙනෙකුගේ සිරුරු ගසක එල්ලෙමින් තිබියදී සොයා ගැනීමත් සමග එරට කාන්තාවන්ට අනාරක්ෂිත වටපිටාවක් ගොඩනැගෙමින් පවතින බවට නැවතත් විරෝධතා රැල්ලක් මතුවෙමින් තිබේ.
මෙම ඝාතනයන් පිළිබඳව දැනටමත් පොලිස් පරීක්ෂණ සිදුවන අතර, මෙම ගැහැණු දරුවන් දුෂණය කොට මරා දමන ලද බවට සැක කෙරෙයි.
බදාදා රාත්‍රියේ සිට අතුරුදන් ව සිටි වයස අවුරුදු 16ක් වන මෙම සමීප මිතුරියන් දෙදෙනා ඇවිදීමට ගිය පසුව මෙසේ මරා දමා ඇති බව පැවසෙයි.
බංග්ලාදේශ සීමාවට නුදුරු ඔවුන්ගේ ගම්මානයේ දීම සිරුරු හමුවී ඇති අතර ඔවුන් දුෂණයට ලක්වී ඇතිදැයි මරණ පරීක්ෂණයේ දී හෙළි වනු ඇති බව පොලීසිය කියයි.
පසුගිය මැයි මාසයේදී ද මේ ආකාරයටම මරා දැමුණු ඥාති සොහොයුරියන් දෙදෙනෙකුගේ සිරුරු ගසක එල්ලෙමින් තිබිය දී සොයා ගනු ලැබීය.
පසුගිය 2012 වසරේදී බස් රථයක් තුළ ඉන්දීය ජාතික වෛද්‍ය ශිෂ්‍යාවක් දූෂණය කොට මරා දැමීමේ සිදුවීමෙන් පසු එරට තුළ කාන්තා හිංසනයට එරෙහිව දැඩි නීති පැනවුණත්, තවමත් රටේ කාන්තාවන්ට අනාරක්ෂිත තත්ත්වයක් පවතින බව කාන්තා සංවිධාන පවසයි.