ඉන්දියාවේ තවත් දැරියක් දූෂණය කර ඝාතනය කරලා


නැගෙනහිර ඉන්දියාවේ ජාල්පයිගුරි දිස්ත්‍රික්කයේ දී පහළොස් හැවිරිදි දැරියක් දූෂණයට කොට මරා දමා තිබියදී, ඇගේ සිරුරු රේල් පාරක් අසලදී සොයා ගැනුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

දැරියගේ පියාට ගම්සභාවේදී සිදුවූ අසාධාරණයකට විරුද්ධව ඇය කතා කිරීම හේතුවෙන් ඇයට එකී ඉරණම අත්වන්නට ඇති බව ගම්වැසියෝ පවසති.

ඉන්දියාවේ බොහෝ ගම්බද පළාත්වල තවමමත් මේකී ගම්සභා ක්‍රමය ක්‍රියාත්මක අතර, ගම තුළ සිදු වන ආරවුල් විසඳීමට සහ වැරදිකරුවන්ට දඬුවම් ලබාදීමට ඔවුහු මේ ක්‍රමය යොදා ගනිති.

කෙසේ වෙතත්, සිදුවීම සම්බන්ධයෙන් ගම්වැසියන් 13 දෙනෙකුට එරෙහිව පැමිණිල්ලක් ගොනු වුවද, මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති බවට චෝදනා එල්ල වෙයි.

මෙය ඉන්දියාව තුළ ඇතිවී තිබෙන ලිංගික අඩම්තේට්ටම්වල තවත් උච්ඡතම අවස්ථාවක් ලෙස පෙන්වා දෙන අතර, බස් රථයක් තුළදී වෛද්‍ය ශිෂ්‍යාවක දූෂණයට ලක්ව මරාදැමීමේ සිදුවීමෙන් පසුව මේ සම්බන්ධයෙන් ඉන්දියාව තුළ බලවත් විරෝධයක් ගොඩනැගුණි.

ඉන්දීය වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදි ද පවසා සිටියේ ඉන්දියාවේ සිදුවන කාන්තා හිංසනය තම රටට මහත් කැළලක් බවයි. මේ සම්බන්ධයෙන් නීති පද්ධතියේ යම් යම් සංශෝධනයන් සිදු වුවද, එය නිතර නිතර මතුවන බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි.



Recommended Articles