උතුරු ඉන්දියාවේ, උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සමූහ දූෂණයට ලක්වූ නව යොවුන් වියේ තරුණියන් දෙදෙනෙකු ගසක එල්ලා මරා දමා සිටියදී හමුවූ බව පොලීසිය පවසයි.
මෙම ඝාතනයන්ට සම්බන්ධ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර, තරුණියන් අතුරුදන් බවට පොලීසිය වෙත සිදුකළ පැමිණිල්ල භාර නොගත් පොලීසියේ තිදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වෙයි.
දාලිත් ගෝත්‍රයට අයත් මෙම දැරියන් මෙම අභාග්‍යසම්පන්න ඉරණමට ලක්ව ඇත්තේ බඩාවුන් දිස්ත්‍රික්කයේදීය.
කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ඉන්දියාව තුළ තවමත් ඔඩුදුවමින් පවතින බවට චෝදනා එල්ල වන අතර, 2012 වසරේදී වෛද්‍ය ශිෂ්‍යාවක බස් රථයක් තුළ සමූහ දූෂණයට ලක්වීමේ සිදුවීමත් සමග කාන්තා හිංසනයට එරෙහිව එරට විශාල කතිකාවතක් ඇති විය.