ඉන්දියාවේ තනි අඟ රයිනෝ ගහණයේ වැඩිවීමක් සිදුවෙලා


ඉන්දියාවේ කාසිරන්ගා ජාතික වනෝද්‍යානයේ තනි අඟකින් යුතු රයිනෝ ගහණය 2015 සිට මේ දක්වා 12 දෙනෙකුගෙන් වර්ධනය වී 2,413ක් ලෙස වාර්තා වන බව නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

ඇසෑම් ප්‍රාන්තයේ පිහිටි යුනෙස්කෝ ලෝක උරුම ප්‍රදේශයක් වන මෙම වනෝද්‍යානයෙහි ලෝකයේ මෙම රයිනෝ ගහණයෙන් තුනෙන් දෙකකට පමණ නිජ භූමිය සපයයි.

ඉන්දියාව විසින් සෑම වර්ෂ තුනකට වරක්ම මෙම සමීක්ෂණය සිදුකරනු ලබයි.

වර්ෂ 1970 දී මෙම කලාපයේ රයිනෝ ගහණය ඉතා අවම මට්ටමක පැවතී ඇති අතර, එකල ජීවත්ව ඇත්තේ තනි අඟ ඇති රයිනෝවන් සිය ගණනකි.

මෙම සතුන්ගේ ජීවිත බේරාගැනීම සඳහා ඉන්දීය රජය විසින් පසුගිය කාලයේදී වනජීවී නිලධාරීන් වෙත වැඩි බලයක් ලබාදී ඇති අතර, එය සිවිල් අර්බුදයකදී මැදිහත් වීමට හමුදාවට ලබාදෙන බලයට සමාන බලයක් බවද කියැවෙයි.

1_Rino 2 3



Recommended Articles