ජවසම්පන්න පෙනුම නිසාම ඉන්දියාව තුළ වඩාත් ජනප්‍රියත්වයට පත්ව සිටි මචිලි නමැති ව්‍යාඝ්‍ර දෙනුව අවුරුදු 19ක් ආයු වළඳා ජීවිතක්ෂයට පත්ව තිබේ.
එරට රාජස්තාන් ප්‍රාන්තයේ, ආන්තන්බෝ ජාතික වනෝද්‍යානයේ දිවි ගෙවූ මචිලි මිය යෑමට හේතුව එම සතාගේ වයෝවෘද්ධභාවය හා ස්වභාවික හේතු බව වනජීවී නිලධාරීහු පවසති.
මෙම ව්‍යාඝ්‍ර දෙනුවට මචිලි හෙවත් හින්දි භාෂාවෙන් මත්ස්‍යයා යන නම ලැබී ඇත්තේ, එම ව්‍යාඝ්‍රයාගේ ශරීරයේ වයිරම් මාළුවෙකුගේ හැඩය ගෙන තිබූ නිසාය.
වනෝද්‍යානය වෙත නිතර පැමිණෙන පාරිසරික ඡායාරූප ශිල්පීන්ගේ මෙන්ම, සංචාරකයන්ගේ නිරන්තර ආකර්ෂණයට බඳුන් වූ චරිතයක් ලෙස මචිලි සැලකෙයි.
වරෙක විශාල කිඹුලෙකු සමග මේ ජවසම්පන්න ව්‍යාඝ්‍ර දේනුව පොරබදින වීඩියෝවක් එරට සමාජජාල මාධ්‍ය තුළ වඩාත් ජනප්‍රියත්වයට පත්ව තිබුණි.