ඉන්දියාවේ, බටහිර ගුජරාට් ප්‍රාන්තයේ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 218 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පසුගිය දින දෙක තුළ ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව දෙගුණයකින් වර්ධනය වී ඇති අතර, ජලය බැසයාමත් සමග මියගිය පුද්ගලයන් 100කගේ පමණ සිරුරු හමුවූ බව බලධාරීහු පවසති.
මෙම දරුණු ගංවතුර තත්ත්වය ලක්ෂ 5කට ආසන්න ජනතාව වෙත බලපෑම් කර ඇති බවද සඳහන් වෙයි.
ඉන්දීය කාලගුණ අංශ පෙන්වාදෙන පරිදි මෙවර මෝසම් වැසි තත්ත්වය ප්‍රාන්ත 20ක, මිලියන ගණනක ජනතාවට බලපෑම් කර ඇති අතර, ඊසානදිග ඇසෑම් ප්‍රාන්තයේද මරණ සිදුව ඇති බව සඳහන් වෙයි. එමෙන්ම, තවත් විශාල පිරිසකට උන්හිටි තැන් අහිමි කර ඇති බවද වාර්තා වෙයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇසෑම් ප්‍රාන්තය වෙත සංචාරය කිරීමට නියමිත අතර, ගංවතුරින් පීඩාවට පත්වූවන් වෙනුවෙන් සහනාධාර සැපයීමටද ඉන්දීය රජය කඩිනම් ක්‍රියාමාර්ග ගෙන තිබේ.