ඉන්දියාවේ ගංගානම් ගගේ ජල මට්ටම් වාර්තා අතරට


මෝසම් වර්ෂාව හේතුවෙන් මෙම වසරේදී ඉන්දියාවේ ගංගානම් ගගේ ජල මට්ටම වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබුණු බව එරට බලධාරීහු පවසති.

උතුරු ඉන්දියාවේ ස්ථාන හතරකදී ඇදහිය නොහැකි ලෙස ගගේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බවද ඔවුහු කියති.

ඒ අනුව, ජල මට්ටමේ වැඩිම ඉහළ යෑමක් බිහාර් ප්‍රාන්තයේ අගනුවර වන පට්නා හි වාර්තා වන අතර, පසුගිය 26 වැනිදා වනවිට ජල මට්ටම මීටර් 50.52ක් දක්වා ඉහළ ගොස් තිබුණි. එය 1994 වසරේ වාර්තා වූ මීටර් 50.27 අභිභවා යෑමකි.

මෙම වසරේදී ඉන්දියාව පුරා ඇති වූ ගංවතුර තත්ත්ව හේතුවෙන් පුද්ගල ජීවිත 150ක් පමණ බිලිගෙන ඇති අතර, තවත් දස දහස් ගණනකට උන්හිටි තැන් අහිමි කර තිබේ.



Recommended Articles