ඉන්දියාවේ කුඩා දැරියක් අමානුෂික ලෙස මරා දමලා


ඉන්දියාවේ උතුරුදිග හර්යානා ප්‍රාන්තයේ වයස අවුරුදු 6ක දැරියක අමානුෂික ලෙස දූෂණය කර, ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන්ම මේ වනවිට පොලීසිය ප්‍රශ්න කර තිබේ.

පසුගිය දෙසැම්බර් 08 වැනිදා සිය නිවසින් පැහැගනු ලැබූ මෙම දැරියගේ සිරුරු ඇගේ නිවසට යාබද ස්ථානයකින් සොයාගෙන තිබුණේ ඉරිදා දිනයේදීය.

මෙම දැරිය කෙළෙසීම අතිශය බිහිසුණු ස්වභාවයක් ගෙන ඇති බව වාර්තා වීමත් සමග 2012 වසරේ වෛද්‍ය සිසුවිය දූෂණය කර මරාදැමීමේ සිදුවීම මෙන්ම ඉන්දියාව යළිත් කම්පනයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

දැරියගේ මව විලාප නගමින් මෙම අපරාධය සිදුකළ අය අල්ලාගන්නා ලෙස පැවසුවත්, පැය 24ක් ගත වන අවස්ථාවේදී පවා කිසිවෙකුත් අත්අඩංගුවට ගැනීමට පොලීසිය අපොහොසත් වී ඇති බව කියැවෙයි.

ඉන්දියාව තුළ ස්ත්‍රී දූෂණ සංස්කෘතියක් මේ වනවිට වර්ධනය වෙමින් පවතින අතර, ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් දැඩි නීතිරීති හඳුන්වාදෙනු ලැබූවද එරට සමාජය තුළ දැඩි පරිහානියක් සිදුවෙමින් ඇති බව විචාරකයෝ පවසති.

1_Indian Girl 01



Recommended Articles