මධ්‍යම ඉන්දියාවේ හින්දු ආගමික උත්සවයක් අතරතුර වන්දනාකරුවන් අතර ඇති වූ තෙරපීමක් හේතුවෙන් පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
මෙම ආගමික උත්සවයේදී මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටි කමාද්ගිරි නමැති පූජනීය කන්ද වටා හින්දු භක්තිකයන් දහස් ගණනක් පෙරහරින් ගමන් කරන අතරතුර මෙම තෙරපීම ඇතිවී තිබෙන බව කියැවෙයි.
සොම්වතී අමාවාස්‍ය නමින් හැඳින්වෙන මෙම උත්සවය වෙනුවෙන් වාර්ෂිකව මේ ස්ථානය වෙත මෙසේ වන්දනාකරුවන් පැමිණෙන බව කියති.
කෙසේ වෙතත්, මේ ආකාරයෙන් අනවශ්‍ය තෙරපීමකට පැහැදිලි හේතුවක් නොමැති බව කියවුණත්, විදුලි රැහැනක් වන්දනාකරුවන් මතට කඩා වැටීමකින් මෙම කලබලය සිදුව ඇති බව සිද්ධිය ඇසින් දුටු පොලිස් නිලධාරියෙක් පවසා තිබේ.