ඉන්දියාවේ දිල්ලි නගරයේදී ටැක්සි රථයක් තුළ මගී කාන්තාවක අතවරයට පත්වීමත් සමග අන්තර්ජාලය හරහා සිදුකෙරෙන ලියාපදිංචි නොවූ ටැක්සි රථ සේවාව වහාම අත්හිටුවීමට එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය කටයුතු කර තිබේ.
උබර් හා තවත් එවැනි ටැක්සි සේවා අයත් වෙබ් අඩවි කිහිපයක්ම දිල්ලි ප්‍රාන්තය තුළ අත්හිටුවා ඇති අතර, එම ටැක්සි රථ රියදුරන්ගේ වගවීම සම්බන්ධයෙන් දැඩි කතාබවක් ඇති වී තිබේ.
උබර් ස්මාර්ට් ෆෝන් ඇප් එක හරහා ටැක්සි රථයක් හා සම්බන්ධ වූ 26 හැවිරිදි කාන්තාක් මෙසේ අතවරයට පත්ව ඇත.
නිවස බලා යෑමට ටැක්සි රථය ලබාගත් ඇය පාළු පෙදෙසකට රැගෙන ගොස් මෙසේ අතවර කර ඇති බව කියැවෙයි.
ඉන්දියාව මෑත ඉතිහාසයේ කාන්තා අපයෝජන සම්බන්ධයෙන් නිරන්තර චෝදනාවන්ට ලක්වෙයි.