ඉන්දියාවේ අකුණු ගැසීම් නිසා පුද්ගල මරණ 50ක් වාර්තා වේ


උතුරුදිග ඉන්දියාවේ කොටසක් වෙත බලපා ඇති ප්‍රබල අකුණු ගැසීම් හා විදුලි කෙටීම් නිසා පුද්ගලයන් 50කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම අකුණු තත්ත්වය සමග ඇතිවූ වේගවත් සුළං බොහෝ ගම්මානවලට දැඩි අලාභානි සිදුකර ඇති බවත්, ගොඩනැගිලි රැසක් කඩා වැටී ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

නැගෙනහිර බිහාර් ප්‍රාන්තය මින් විශාලතම බලපෑමට ලක්වූ ප්‍රාන්තය වන අතර, එහි පමණක් විදුලි කෙටීම් හේතුවෙන් පුද්ගල මරණ 20ක් වාර්තා වෙයි.

උතුරුදිග ඉන්දියාවේ දූලි කුණාටුවක් හේතුවෙන් පුද්ගල මරණ 100කට අධික ප්‍රමාණයක් සිදුවී සති කිහිපයක් ගතවන අවස්ථාවේදී මෙම අවාසනාවන්ත තත්ත්වය වාර්තා වෙයි.

මෝසම් වැසි වර්ධනය වන කාලයේදී ඉන්දියාව තුළ මෙවැනි අකුණු ගැසීම් සුලභ කාරණයකි.

1_India



Recommended Articles