ඉන්දියාවේදී කැනඩා නායකයා වෙත ඇල්මැරුණු පිළිගැනීමක්


ඉන්දියාවේ සංචාරයක නිරත කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ ඉන්දීය සංචාරයේ හයවැනි දිනයේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මුණ ගැසෙමින් සාකච්ඡා පවත්වා තිබේ.

ඉන්දියාවේ ප්‍රථම නිල සංචාරයේ අවසානය සනිටුහන් කරමින් කැනඩා අගමැතිවරයා ඉන්දීය අගමැතිවරයා සමග සාකච්ඡාව පැවැත්වූ බව විදෙස් වාර්තා පවසයි.

ඉන්දියාව වෙත පැමිණෙන රාජ්‍ය නායකයන් පිළිගැනීම සඳහා ඉන්දීය අගමැතිවරයා බොහෝ අවස්ථාවල ගුවන් තොටුපොළ වෙත පැමිණියත් කැනඩා අගමැතිවරයා පිළිගැනීම ඔහු කළේ ඔහු රටට පැමිණීමෙන් පසු නායක දෙපළ හමුවීමට දින දෙකකට පෙරදීය. එයද ට්විටර් සුබ පැතීමක් පමණි.

ඒ අනුව, කැනඩා නායකයා වෙත ඇල්මැරුණු පිළිගැනීමක් ඉන්දියාවෙන් ලැබුණු බවට මාධ්‍යවල පැවසුණත්, දෙරටම එවැන්නක් අනුමත කිරීමට කටයුතු නොකිරීමද විශේෂත්වයකි.

දෙරටේ නායක හමුවේදී මෝදි, සුපුරුදු වැළඳ ගැනීම් සමග කැනඩා නායකයා පිළිගනිද්දී ඒ පිළිබඳ සමාජ මාධ්‍යවල විවිධ අදහස් පළ කෙරිණි.

මෙම හමුවට කනඩා නායකයාගේ බිරිඳ මෙන්ම දරු තිදෙනාද පැමිණ සිටි අතර, ඉන්දියාව හා කැනඩාව අතර සහයෝගීතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමද පසුව සිදු කෙරිණි.

1_India 2 Canadian Prime Minister Justin Trudeau and his son Xavier spin cotton on a wheel watched by Trudeau's wife Sophie Gregoire Trudeau, their daughter Ella Grace and son Hadrien during their visit to Gandhi Ashram in Ahmedabad 4 5



Recommended Articles