ඉදිරියේදී තම රට වැසියන්ට තරමක් අපහසු කාල පරිච්ඡේයක් උදාවන බවත්, ඒ වෙනුවෙන් දැන් සිටම සූදානම් වන ලෙසත් රුසියානු ජනාධිපතිවරයා සිය වාර්ෂික කතාව පාර්ලිමේන්තුවේ සිට පවත්වමින් කියා තිබේ.
බොරතෙල් මිල ශීඝ්‍ර ලෙස පහළ යෑම මෙන්ම යුක්රේන අර්බුදය මූලික කරගනිමින් යුරෝපයෙන් සිදුවූ ආර්ථික සම්බාධක හේතුවෙන් වර්තමානයේදී රුසියාව අසූරු කාලපරිච්චේදයක් ගත කරමින් සිටියි.
මේ අතර, රුසියානු රජය අනතුරු අඟවමින් පෙන්වා දෙන්නේ ඉදිරි වසර තුළ රුසියාව ආර්ථික අර්බුදයකට තල්ලු විය හැකි බවයි.