කැංගරු ඉතිහාසයට එක්වන සමූහ ඝාතනයක්?


වර්ෂ 1996න් පසුව ඔස්ට්‍රේලියාවේ සිදුවූ දැවැන්තම සමූහ වෙඩි තැබීම ලෙස විශ්වාස කෙරෙන මනුෂ්‍ය ඝාතන 7ක් ග්‍රාමීය පෙදෙසෙක නිවෙසකින් සොයාගෙන තිබේ.

දරුවන් සිව්දෙනෙකුගේ සිරුරු සහ වැඩිහිටියන් තිදෙනෙකුගේ සිරුරු ඒ අතර වූ බව පොලීසිය කියයි.

බටහිර ඔස්ට්‍රේලියාවේ, එනම් පර්ත් නගරයෙන් කි.මී. 280ක් පමණ ඔබ්බෙන් පිහිටි ඔස්මින්ග්ටන් නගරයෙහි මෙම ඛේදවාචකය සිදුව ඇත.

මෙය මනුෂ්‍ය ඝාතනයක්ද, හිතාමතා සියදිවි හානි කරගැනීමක්ද යන්න පිළිබඳ සැකහැර දැනගැනීම සඳහා පරීක්ෂණ පැවැත්වෙන බවද පොලීසිය කියයි.

පරම්පරා තුනක දරු මුණුබුරන් මෙහිදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර. ඔවුන් සියලු දෙනා එකම පවුලක අය වීමත් විශේෂත්වයකි.

කත්‍රිනා මිල්ස් සහ ඇගේ දරුවන් සිව්දෙනා මෙන්ම ඇගේ දෙමුපියන් දෙදෙනාද මෙම ඛේදවාචකයෙන් මියගොස් ඇත.

1_Ausi Shoot 2



Recommended Articles