ඉතියෝපියාව පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි


ඉතියෝපියාවේ අගමැති හෙයිලේමැරීම් ඩෙසේල්ග්න් හදිසියේම සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් දිනකට පසුව එරට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

රජයට එරෙහිව දිගින් දිගටම පැවති විරුද්ධ පක්ෂ ක්‍රියාකාරීන්ගේ උද්ඝෝෂණ රැල්ල මැඬපැවැත්වීම මෙම ඉල්ලා අස්වීමේ පරමාර්ථය වූ බව එරට රජයේ රූපවාහිනිය විශේෂ නිවේදනයකින් පවසා තිබුණි.

වසර තුනක් පුරා රට තුළ පවතින අසහනකාරී වාතාවරණය හමුවේ මේ වනවිට පුද්ගලයන් සිය ගණනක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පසුගිය වසරේ මාස 10ක් පුරා රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබුණත්, ඒ තුළින්ද රටේ පැවතී ගිය උද්ඝෝෂණ රැල්ල මැඬපැවැත්වීමට නොහැකි විය.

රජය විසින් චෝදනා ගොනුකර අත්අඩංගුවට ගෙන සිටින විරුද්ධ පක්ෂ ක්‍රියාකාරීන් නිදහස් කරන ලෙස ඉල්ලමින් මෙම උද්ඝෝෂණ රට පුරා පැවැත්විණි.

කෙසේ වෙතත්, මෙම නවතම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත්කිරීම කවදා කෙසේ අවසන් වනු ඇතිද යන්න මෙතෙක් අනාවරණය නොවෙයි.

_100064290_hi044787352

 



Recommended Articles