ඉතාලි ජාතිකයන් තිදෙනෙකු මෙක්සිකෝවේදී අතුරුදන්වීම සම්බන්ධයෙන් මෙක්සිකෝවේ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට එරෙහිව චෝදනා ගොනුවී තිබේ.
ඉතාලියේ නේපල්ස් හි පදිංචිකරුවන් වන මෙම පුද්ගලයන් අවසන් වරට පසුගිය ජනවාරි 31 වැනිදා ජාලිස්කෝ ප්‍රාන්තයේ, ටෙකාලිටාන් හිදී දැක තිබුණි.
ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා පවසා සිටියේ මෙම ඉතාලි ජාතිකයන් පළාතේ අපරාධ කණ්ඩායමක් වෙත භාරදී ඇති බවට අත්අඩංගුවට පත් පොලිස් නිලධාරීන් පාපොච්චාරණය කර ඇති බවයි.
පොලීසිය කිසිදු හේතුවක් නොමැතිව මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ එරට ඉන්ධන පියවුම්හලක් අසලදීය.