ඉතාලි ජනපතිට එරෙහිව විශ්වාසභංගයක් ඕනෙලු


ඉතාලියේ අමාත්‍ය මණ්ඩලය වෙත අලුතින් තෝරාගත් මුදල් අමාත්‍ය ධුරය ජනපති සර්ජිඕ මැටරෙල්ලා විසින් නිෂේධනය කිරීමත් සමග ඔහුට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කළ යුතු බව ඉතාලියේ විශාලතම දේශපාලන පක්ෂයේ නායකයා පවසයි.

ෆයිව් ස්ටාර් පක්ෂයේ නායක ලුයිජි ඩි මායෝ පවසන්නේ ජනාධිපතිවරයා විසින් සංස්ථායික අර්බුධයක් ඇති කර තිබෙන බවයි.

පත්කළ අගමැති ගියුසෙප් කොන්ටේගේ නායකත්වයෙන් යුතුව රජයක් පිහිටුවීම සඳහා ඊයේ දිනයේදී කටයුතු සිදුවන අතරතුර, මුදල් අමාත්‍ය ධුරය සඳහා පඕලෝ සවෝනා පත්කිරීමට යෑමත් සමග මෙම අර්බුදය හටගෙන තිබුණි.

මෙහිදී ෆයව් ස්ටාර් පක්ෂ්‍ය දක්ෂිණාංශික ලීගය සමග එක්ව මෙම රජය ගොඩනැගීමට කටයුතු කරමින් සිට ඇත.

පසුගිය මාර්තු මාසයේ පැවති මැතිවරණයෙන් පසුව ඉතාලිය මේ දක්වා රජයක් නොමැතිව පාලනය වන්නේ කිසිදු දේශපාලන පක්ෂයකට බහුතර බලයක් දිනාගැනීමට නොහැකි වීමෙනි.

1_Italy



Recommended Articles