ඉතාලියේ ඉගෙනුම ලබන පාකිස්තාන තරුණියක ගැබ්ගෙන ඇති බව දැනගත් ඇගේ දෙමවුපියන් ඇය යළි සිය රට ගෙන්වා ඇයට බලහත්කාරයෙන් ගබ්සාවක් සිදුකර ඇති බව අනාවරණය වී තිබේ.
19 හැවිරිදි වියේ පසුවන ෆාරාහ් පසුගිය පෙබරවාරි මාසයේදී මෙසේ යළි පාකිස්තානය වෙත ගෙන්වාගෙන ඇති අතර, එහිදී තමන්ව බේරාගන්නා ලෙස ඇය තමාගේ සමාජජාල මිතුරන්ගෙන් ඇයද සිට ඇත.
ඒ අනුව, පාකිස්තානයේ ඉස්ලාමාබාද් පොලීසියේ මැදිහත්වීමෙන් ඇය සිය නිවසින් ඉවත් කරගෙන ඇති අතර, පසුව ඇය එරට ඉතාලි තානාපති කාර්යාලයට භාරවී යළි ඉතාලිය වෙත පැමිණ ඇති බව කියයි.
එහිදී, ඇය පාපොච්චාරණය කර ඇත්තේ පාකිස්තානයේදී තම නිවසේ ඥාතීන් එකතුව බලහත්කාරයෙන් ඇයව ගබ්සාවකට ලක්කළ බවයි.
විශේෂයෙන්ම පවුලේ ගෞරවය වෙනුවෙන් මිනී මරණ පාකිස්තානය සමාජයේ මෙම තරුණියගේ ජීවිතයට තර්ජනයක් පැවතී ඇති බව හඳුනා ගැනීමෙන් පසුව ඇයව මෙසේ බේරාගෙන තිබේ.