ඉතාලිය දුමාරයකින් වැසීයාම නිසා වාහන ගමනාගමනයට වාරණ


ඉතාලියේ මිලාන් සහ රෝමය යන නගරවල මේ දිනවල පවතින අධික දුමාරය හේතුවෙන් මෙම නගර තුළ මෝටර් රථ භාවිතය සීමා කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව, ඉදිරි දින තුනක කාලය සඳහා මිලාන් නගරය තුළ පැය හයක කාලයක් යතුරුපැදි, ස්කූටර් හා මෝටර් රථ ගමන් කිරීම තහනම් කර තිබේ.

එමෙන්ම, රෝම නගරය තුළ ඔත්තේ අංක තහඩු සහිත මෝටර් රථ ධාවනය සඳුදා දිනයේ පැය නවයක කාලයක්ද, ඉරට්ටේ අංක තහඩු සහිත මෝටර් රථ අඟහරුවාදා දිනයේ පැය නවයක කාලයක්ද නගරයට ඇතුළු වීම තහනම් කර තිබේ.

විශේෂඥයන් පෙන්වා දෙන්නේ අසාමාන්‍ය ලෙස නිශ්චල හා වියළි කාලගුණයක් පැවතීමෙන් මෙම දුමාරය ඉක්මනින් පහව නොයනු ඇති බවයි.



Recommended Articles