ඇෆ්ගනිස්ථාන IS නායකයා මරා දැමුවා - පෙන්ටගනය


ඉස්ලාම් රාජ්‍යයේ ඇෆ්ගනිස්ථාන IS නායකයා විශේෂ මෙහෙයුමකින් මරා දැමූ බව ඇමෙරිකාවේ පෙන්ටගනය නිවේදනය කරයි.

ඇෆ්ගනිස්ථානයේ, කුනාර් ප්‍රදේශයේදී මෙම විශේෂ හමුදා මෙහෙයුම සිදුකළ බවත්, මෙසේ මියගිය ජ්‍යෙෂ්ඨ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත නායකයා ඇෆ්ගනිස්ථානායේ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ථ සංවිධානය මෙහෙයවූ අබු සයීඩ් බවත් අනාවරණය කරයි.

ඇමෙරිකානු බලධාරීන් පවසන්නේ ඇෆ්ගනිස්ථානය තුළ ඉස්ලාම් රාජ්‍යයේ ව්‍යාප්තිය හා ඔවුන්ගේ සැලසුම් බිඳහෙළීම සඳහා මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.

අබ්දුල් හසිබ් එරට ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ නායකත්වයට පත්වන්නේ 2016 වසරේදී ඇමරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එවකට සිටි නායක හෆිස් සයීඩ් මරා දැමීමෙන් පසුවය.

එනමුදු, වත්මන් නායක අබු සයීඩ් මරණයට පත්වූ බව ඉස්ලාම් රාජ්‍ය සංවිධානය මෙතෙක් නිල වශයෙන් පිළිගෙන නොමැත..



Recommended Articles