ඇෆ්ගනිස්ථාන නේටෝ රථ පෙළකට ප්‍රහාරයක් 8ක් නසී


ඇෆ්ගනිස්ථානයේ නේටෝ හමුදා රථ පෙළක් ඉලක්ක කරමින් කාබුල් නගරයේදී අද (03දා) එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනා සාමාන්‍ය වැසියන් බව රජයේ ප්‍රකාශකයෙක් බී.බී.සී.ය වෙත පවසා ඇති අතර, තවත් 25 දෙනෙකු පමණ මින් තුවාල ලබා ඇති බවද වාර්තා වේ.

ප්‍රංශ පුවත් සේවය උපුටා දක්වමින් පවසන්නේ මෙම බෝම්බ ප්‍රහාරය අද උදෑසන කාර්ය බහුල වේලාවකදී ඇමෙරිකානු තානාපති කාර්යාලය ආසන්නයේදීම පුපුරාගිය බවයි.

හමුදා රථ පෙළට ප්‍රහාරය එල්ල කළ මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නොමැත.



Recommended Articles