ඇෆ්ගන් IS ප්‍රහාරයෙන් ඇමෙරිකානුවන් 2ක් නසී


ඇෆ්ගනිස්තානයේ IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ට එරෙහිව සිදුකළ ප්‍රහාරයකදී ඇමෙරිකානු හමුදා සාමාජිකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම ප්‍රහාරයෙන් තවත් සෙබලෙකු තුවාල ලබා සිටින බවද පෙන්ටගනය තහවුරු කරයි.

ඇෆ්ගනිස්ථානයේ, නන්ගාර්හාර් ප්‍රදේශයේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, මෙම මස මුලදීද ඇමෙරිකානු සොල්දාදුවෙකු මෙම ප්‍රදේශයේදීම ත්‍රස්ත ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්විය.

ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ජිම් මැටිස් ඇෆ්ගිනිස්ථානයේ සංචාරය කර දින කිහිපයකින් පසුව මෙම ප්‍රහාරය සිදුවිය.



Recommended Articles