ඇෆ්ගන් හෝටලයකට ප්‍රහාරයක් - 14ක් ජීවිතක්ෂයට


ඇෆ්ගනිස්ථානයේ කාබුල් නගරයක හෝටලයකට එල්ල වූ ප්‍රහාරයකින් විදේශිකයන් ඇතුළු පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

මියගිය පිරිස අතර බ්‍රිතාන්‍ය ජාතිකයෙක්, ඉන්දියානුවන් හතර දෙනෙක්, පාකිස්ථානුවන් දෙදෙනෙක්, ඇමෙරිකානුවෙක්, ඉතාලි ජාතිකයෙක් හා කසකස්ථාන ජාතිකයෙක්ද සමග ඇෆ්ගන් ජාතිකයන් පිරිසක්ද සිටින බව පැවසෙයි.

මෙම ප්‍රහාරයේ වගකීම මේ වනවිට තලේබාන් සංවිධානය විසින් භාරගෙන තිබේ. එම හෝටලයේ පැවැත්වීමට තිබූ උත්සවයක් අවස්ථාවේදී ප්‍රහාරය එල්ල වී තිබේ.



Recommended Articles