ඇෆ්ගන් බුද්ධි මූලස්ථානයට IS මරාගෙන මැරෙන ප්‍රහාරයක්


ඇෆ්ගිනස්තානයේ, කාබුල් නුවර බුද්ධි අංශ මූලස්ථානය අසල සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

බුද්ධි අංශ නිලධාරීන් සිය සේවයට වාර්තා කරන අවස්ථාවේදී පැමිණි මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් සිය බෝම්බ කට්ටලය පුපුරුවා ගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර, ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා තිබේ.

මෙම ප්‍රහාරයට කාන්තාවන් පිරිසක්ද ගොදුරුව ඇත්තේ ඔවුන්ගේ මෝටර් රථය ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී ඒ අසලින් ගමන් කිරීම නිසාවෙනි.

සුන්නි මුස්ලිම්වරුන්ගෙන් සැදි IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබේ.

මේ අතර, කාබුල් නුවර සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා සිටියේ ප්‍රහාරයට ගොදුරුවූවන්ගේ පිරිස ක්‍රමයෙන් වර්ධනය වෙමින් පැවති බවයි.

පසුගිය මාස කිහිපය තුළ ඇෆ්ගනිස්ථානය තුළ මෙවැනි ප්‍රහාර මාලාවක් එල්ල වූ අතර, මෙම බොහෝ ප්‍රහාර පිටුපස ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් ක්‍රියාත්මකව තිබුණි. 

2 Afghan security forces keep watch at a check point close to compound of Afghanistan's national intelligence agency in Kabul, Afghanistan 3



Recommended Articles