ඇෆ්ගනිස්තානයේ, හෙරාත් නගරයේ මුස්ලිම් දේවස්ථානයක සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 30කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඊයේ රාත්‍රී 8.00ට පමණ ආගමික කටයුතු සිදුකෙරෙන අවස්ථාවේදී ජාවාඩියා මුස්ලිම් දේවස්ථානය තුළ මෙම පිපිරීම සිදුව ඇති බව වාර්තා වේ.
මේ අතර ඇෆ්ගනිස්තාන බලධාරීන් පෙන්වා දෙන්නේ මෙහි ප්‍රහාර දෙකක් සිදුව ඇති බවයි. එකක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවත්, අනෙක තුවක්කුකරුවෙකු විසින් වන්දනාවේ යෙදී සිටි අයට විවෘත වෙඩි ප්‍රහාරයක් එල්ල කරමින් සිදුකර ඇති බවත් බලධාරීන් පවසයි.
මේ අතර, ප්‍රදේශයේ රජයේ නියෝජිතයෙකු පවසා සිටියේ මියගිය පිරිස තවදුරටත් වැඩිවිය හැකි බවයි. ඔහු තහවුරු කළ ආකාරයට ඊයේ රාත්‍රිය වනවිට පුද්ගලයන් 30ක් ජීවිතක්ෂයට පත්ව, තවත් 64 දෙනෙකු තුවාල ලබා තිබුණි.
මෙම ප්‍රහාරය සිදුකළ ප්‍රහාරකයන් දෙදෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබුණි.
ප්‍රහාරයේ වගකිම කිසිවෙකු විසින් භාරගෙන නොතිබුණත්, බහුතර ෂියා මුස්ලිම්වරුන් ගැවසෙන ප්‍රදේශයක් නිසා මෙය ඉස්ලාම් රාජ්‍යයේ ත්‍රස්ත ප්‍රහාරයක් විය හැකි බවට විශ්වාස කෙරෙයි.