ඇෆ්ගන් නීතිපති කාර්යාලයට ප්‍රහාරයක් - මරණ රැසක්


හමුදා ඇඳුමකින් සැරසී සිටි තුවක්කුකරුවන් උතුරුදිග ඇෆ්ගනිස්ථානයේ මසාර්-ඉ-ෂරීෆ් හි නීතිපති කාර්යාලයට කඩා වැදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 65 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

කාර්යාලය තුළට තුවක්කුකරුවන් සිවු දෙනෙකු ඇතුළු වන ආකාරය දිස්වී ඇති අතර, පසුව දැවැන්ත වෙඩි ප්‍රහාර හා පිපිරීම් කිහිපයක්ම ඒ තුළ සිදුව තිබේ.

මියගිය පිරිස අතර ආරක්ෂක නිලධාරීන් සිවු දෙනෙකු හා පොලිස් ප්‍රධානියෙකුද සිටින අතර, රජයේ නිලධාරීන් 26 දෙනෙකුද ප්‍රහාරයෙන් තුවාල ලබා තිබේ.



Recommended Articles