ඇෆ්ගන් තලේබාන් සටන් නායකයෙක් ජීවිතක්ෂයට


නැගෙනහිර ඇෆ්ගනිස්තානය තුළ විශේෂ බලකාය විසින් සිදුකළ මෙහෙයුමකදී තලේබාන් සංවිධානයේ ඉදිරිපෙළ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

අසාම් තාරික් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පාකිස්තාන දේශසීමාවට ආසන්න පකිටිකා පළාතේ සිදුවූ මෙහෙයුමකදීය.

මෙම ප්‍රහාරයෙන් තලේබාන් ප්‍රධානියාගේ පුත්‍රයා මෙන්ම තවත් නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් විශේෂ බලකාය සඳහන් ඇත.

තාරික් හිටපු පාකිස්තාන තලේබාන් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක ලෙසද සැලකෙන අතර, සංවිධානයේ බෙදීම හමුවේ ඔහු ඇෆ්ගනිස්තානය වෙත පළාගොස් තිබේ.



Recommended Articles