දකුණුදිග ඇෆ්ගනිස්තාන නගරයක් වූ කන්දාර් හි සිදුවූ ගැටුමකින් ආරක්ෂක අංශ, තලේබාන් සටන්කරුවන් හා සිවිල් වැසියන් ඇතුළු පුද්ගලයන් 46 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
කන්දාර් ගුවන් තොටුපොළ කේන්ද්‍ර කරගනිමින් සිදුවූ මෙම ප්‍රහාරයේදී පුද්ගලයන් කිහිප දෙනෙකු ප්‍රාණ ඇපයේද තබාගෙන ඇති බව කියැවෙයි.
මෙම ගුවන් තොටුපොළ ඇෆ්ගන් හමුදාව හා සාමාන්‍ය වැසියන් මෙන්ම, නේටෝ හමුදා කඳවුරක් ලෙසද ක්‍රියාත්මක විය.
මෙම ගුවන්තොටුපොල කඳවුරේ පළමු ගේට්ටුවෙන් තලේබාන් සටන්කාමීන් ඇතුළු වී ඇති බව ආරක්ෂක අංශ පවසයි.
මේ අතර, නිවේදනයක් නිකුත් කරන තලේබාන් සංවිධානය පවසා ඇත්තේ දැඩි ආරක්ෂාවක් සහිත කලාපයකට තමන් ප්‍රහාරයක් දියත් කළ බවයි.