ඇෆ්ගන් තරුණියක් ගල් ගසා මරා දමලා


අනාචාරයේ හැසිරුණේ යැයි චෝදනා කරමින් ඇෆ්ගනිස්තානයේ තරුණ ස්ත්‍රියක් ගල්ගසා මරා දමා තිබේ.

මෙම තරුණ ස්ත්‍රිය ගල් ගසා මරා දමන වීඩියෝවද අන්තර්ජාලයට එක් කොට ඇත.

පොළොවේ හාරන ලක කුහරයක් තුළට තරුණියක් යොමා ඇති ආකාරයත්, ඒ වටා ජටා පැළඳි ඇෆ්ගන් ජාතිකයන් පිරිසක් ගල්මුල්වලින් ඇයට පහර දෙන ආකාරයත් තත්ත්පර 30ක වීඩියෝවේ දැක්වෙයි.

මෙම තරුණ ස්ත්‍රිය සමග සිටි ඇයගේ පෙම්වතාට මෙම වරදට දඬුවම ලෙස කස පහර ලබාදී ඇති බවද කියැවෙයි.

රොක්ෂානා ලෙස හැඳින්වෙන මෙම තරුණිය වයස අවුරුදු 19 - 21 පසුවන්නියක බවත්, ගල් පහරවල් වදින විට නොනවත්වා ඇය කෑමොර දෙන හඬත් වීඩියෝවේ ඇසෙයි.

මීට සතියකට පමණ පෙර ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලන ප්‍රදේශයකදී මෙම අමානුෂික ක්‍රියාව සිදුකර ඇති බව විදෙස් වාර්තා පවසයි.



Recommended Articles