ඇෆ්ගන් ගුවන් ප්‍රහාරයකින් දරුවන් රැසක් මැරිලා - UN


ඇෆ්ගනිස්තානයේ ඊසානදිග කුන්ඩූස් ප්‍රදේශයේ රජයේ හමුදාවන් විසින් පසුගිය මාසයේදී එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් දරුවන් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 51 දෙනෙකු තුවාල ලබා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තාවක් පවසයි.

පසුගිය අප්‍රේල් මස 02 වැනිදා එල්ල කරන ලද මෙම ප්‍රහාරයේදී තම හමුදාව ජ්‍යෙෂ්ඨ තලේබාන් සටන්කාමීන් පිරිසක් එක්රැස් වන ස්ථානයක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන ලද බව ඇෆ්ගනිස්ථානය පවසයි.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේදී මෙම ගුවන් ප්‍රහාර හේතුවෙන් තවත් වැඩිහිටි පුද්ගලයන් 06 දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඇෆ්ගනිස්තානයේ ආගමික පාසලක් ආසන්නයට මෙම ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී එම දරුවන් විවෘත භූමියේ සිට ඇති බව කියැවෙයි.

එමෙන්ම, එක්සත් ජාතීන්ගේ මෙම වාර්තාවට අනුව දරුවන්ට සිදුවූ හානිය හා මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට විශ්වාස කටයුතු සාක්ෂි පවතින බවද සඳහන් කර තිබේ.

එම ප්‍රහාරයේදී රොකට් ප්‍රහාර මෙන්ම හෙලිකොප්ටර් යානයක සිට සිදුකළ දැවැන්ත වෙඩි ප්‍රහාරයකටද මෙම දරුවන් මුහුණ දී අති බව එම වාර්තාව වැඩිදුරටත් පවසයි.

1_Afgan 2



Recommended Articles