ඇමේසන් වනාන්තරයේ විනාශය වේගවත් වෙලා


බ්‍රසීලයේ ඇමේසන් වනාන්තය විනාශ වීමේ වේගය දෙවැනි වසරටත් වේගවත් වී ඇති බව එරට රජයේ තොරතුරු උපුටා දක්වමින් බී.බී.සී.ය පවසයි.

එම දත්ත අනුව, 2013 ජූලි මාසයෙන් අවසන් වූ මාස 12ක කාලය තුළ එරට වනාන්තර විනාශය 29% කින් වර්ධනය වී තිබේ.

එමෙන්ම, චන්ද්‍රිකා දත්ත අනුව මෙම කාලය තුළ වනාන්තර වර්ග කිලෝමීටර් 6,000ක් විනාශ වී තිබේ. මෙම වනාන්තර විනාශයේ දරුණුතම කලාපය ලෙස මාටෝ ග්‍රොස්සෝ සහ පාරා යන ප්‍රාන්ත සැලකෙයි. පසුගිය කාලය තුළ මෙම ප්‍රාන්ත තුළ එරට කෘෂිකාර්මික කටයුතු වර්ධනය වීම මෙසේ වනාන්තර විනාශයට මූලිකම හේතුව බව පැවසෙයි.



Recommended Articles