ඇමෙරිකාව සාම මැදිහත්කරු ලෙස පිළිගන් නෑ - අබ්බාස්


ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගන්නා තත්ත්වයක සාම සාකච්ඡා සඳහා ඇමෙරිකාව එක්සත් ජනපදය ගෙනෙන කිසිදු සාම ගිවිසුමක් හෝ වැඩපිළිවෙළක් තමන් භාර නොගන්නා බව පලස්තීන ජනපති මහමූද් අබ්බාස් පවසයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වෙත ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමේ ඇමෙරිකානු තීරණය ඉවත් කරගන්නා ලෙස අද (22දා) ඉදිරිපත් වූ යෝජනාවට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී රටවල් 128ක සහාය පළ වීමෙන් පසුව පලස්තීන ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර තිබුණි.

පසුගිය මාස කිහිපය තුළ ඊශ්‍රායලය හා පලස්තීනය අතර සාම වැඩපිළිවෙළ සඳහා නව සැලැස්මක් පසුගිය මාස කිහිපය පුරා වොෂිංටනය විසින් සකස් කරමින් පැවතුණු අතර, ඒ පිළිබඳ වැඩි ප්‍රසිද්ධියක් ලබා දී නොතිබුණි.

මේ අතර, රටවල් දෙක අතර සාම වැඩපිළිවෙළෙහි මැදහත්කරු ලෙස ඇමෙරිකාව තවදුරටත් පිළිනොගන්නා බවද අබ්බාස් පවසා තිබුණි.

අවසන් වරට ඇමෙරිකාවේ මැදිහත් වීමෙන් ඊශ්‍රායලය හා පලස්තීනය අතර ගෙනගිය සාම වැඩපිළිවෙළ 2014 අප්‍රේල් මාසයේදී බිඳ වැටුණි.

කෙසේ වෙතත්, ඇමෙරිකාවේ නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන් සැකසෙන මෙවර සාම වැඩපිළිවෙළට අදාළ සැලැස්ම ලබන වසර මුලදී ප්‍රසිද්ධියට පත්වීමට නියමිතව තිබුණි.

1_Abbas 2 3



Recommended Articles