ඇමෙරිකාව වෙත සිදුකරන වානේ සඳහා 25%ක බදු වැඩිකිරීම සහ ඇලිමීනියම් සඳහා 10%ක බදු වැඩිකිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේද විවේචනයට ලක්ව තිබෙ.
එම අරමදුල පෙන්වා දෙන්නේ මෙවැනි තීරණයක් ඇමෙරිකානු ආර්ථිකයට මෙන්ම, ඒ තුළින් ලෝකයේ අනෙකුත් ආර්ථිකයන්ටද අහිතකර ප්‍රතිඵල ගෙනදෙනු ඇති බවයි.
ඇමෙරිකාව වෙත වැඩිම වානේ අපනයනයක් සිදුකරන කැනඩාව පවසන්නේ මෙම තීරණයෙන් දෙපාර්ශ්වයටම අවාසියක් සිදුවනු ඇති බවයි.
ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දැඩි වෙළෙඳ සීමාවන් පැවතිය යුතු බව පවසමින් මෙම තීරණයට එලැඹීමට ජනපති ට්‍රම්ප් කටයුතු කර තිබේ.
ලෝක වෙළෙඳ සංගමයේ අධ්‍යක්ෂ ජෙනරාල් රොබේටෝ අසෙවේදෝ පවසා සිටියේ වෙළෙඳ යුද්ධයක් කිසිවිටෙකත් ඒකපාර්ශ්වීය අරමුණු මුදුන් පමුණුවා ගැනීමේ යුද්ධයක් නොවිය යුතු බවයි.