පැරිස් සම්මුතියෙන් ඉවත්වීමට ඇමෙරිකාව කටයුතු කළද මෙවර ජර්මනියේ හැම්බර්ග් නුවරට එක්වූ G20 ට අයත් සෙසු සියලු රාජ්‍ය නායකයෝ සම්මුතියට සිය සහයෝගය ලබාදෙන බවට යළිත් වරක් ප්‍රතිඥා දී තිබේ.
ඒ අනුව, රාජ්‍ය නායක සමුළුවේ අවසන් දිනයේදී මෙය විශේෂයෙන්ම සාකච්ඡාවට බඳුන් වී ඇති අතර, සෙසු රාජ්‍යයන් මේ සඳහා දක්වන කැපවීම පිළිබඳවත් අවධානය යොමු නොකොට ඇමෙරිකාව මින් ඉවත්වීම සම්බන්ධයෙන් වැඩිදුරටත් කතාබහ ඇති වී තිබේ.
ජර්මනියේ හැම්බර්ග් නුවර සමුළුව ආරම්භයට පෙර සිටම පැවති දරුණු ප්‍රචණ්ඩක්‍රියා සහ උද්ඝෝෂණ පැරිස් සම්මුතිය හා ලෝක දේශගුණික විපර්යාස සම්බන්ධ කරමින් පැවති නිසා මෙම සාකච්ඡාව වැඩි අවධානයකින් යුතුව මෙවර සමුළුවට ඇතුළු වී තිබේ.
එහිදී, සමුළුවේ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ ඇමෙරිකා එක්සත් ජනපදය පැරිස් සම්මුතියෙන් ඉවත්වීම සම්බන්ධයෙන් දැඩි අවධානයකින් කටයුතු කළ බවයි.
එමෙන්ම, වෙනස් නොකළ හැකි ලෙස ඉහළ යමින් පවතින ගෝලීය උෂ්ණත්වය පාලනය සඳහා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට G20 සෙසු නායකයන් එකඟත්වයකට පැමිණ ඇති බවද සඳහන් විය.
මේ අතර, සමුළුව නිමා කරමින් ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මාර්කෙල් පවසා සිටියේ පැරිස් සම්මුතිය සම්බන්ධයෙන් ජනපති ට්‍රම්ප්ගේ තීරණය සම්බන්ධයෙන් තමන් තවදුරටත් කණස්සල්ලට පත්වන අතරතුර, සෙසු රාජ්‍යයන් 19 යළි එකඟත්වයක් අවශ්‍ය නොමැති බව ප්‍රකාශ කිරීම තම සතුටට කරුණක් බවයි.