ඇමෙරිකාව දෙසට තවත් සුළි කුණාටුවක් පැමිණේ


ඇමෙරිකාව දෙසට පැමිණෙන නේට් සුළි කුණාටුව කොස්ටර් රිකා, නිකර්ගුවා සහ හොන්ඩූරාස් රාජ්‍යයන් වෙත බලපෑම් කරමින් මේ වනවිටන් මිනිස් ජීවිත 22ක් බිලිගෙන ඇති බව කියයි.

ආසන්න සති කිහිපය තුළ ඇමෙරිකාව සොයා පැමිණෙන තෙවැනි දරුණුතම සුළි කුණාටුව බවට නේට් පත්වනු ඇත.

මේ වනවිටත් මධ්‍යම ඇමෙරිකාව රටවල් තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

නේට් සුළි කුණාටුව හේතුවෙන් කොස්ට රිකා හි ලක්ෂ 4ක පමණ ජනතාවක් පානීය ජලය නොමැතිව පීඩා විඳින අතර, දහස් ගණනක් දෙනා මේ වනවිටත් පැල්පත්වල වාසය කරයි.

සුළි කුණාටුව හේතුවෙන් මධ්‍යම ඇමෙිකාවේ ගස් කඩා වැටීම්, ගංවතුර තර්ජනයක් සහ මාර්ග අවමිර වීම් මෙන්ම, පාලම් කඩා වැටීම් වාර්තා වී තිබේ. 

1_US 2



Recommended Articles