ඇමෙරිකාවේ හා යුරෝපා සංගමයේ සම්බාධක හමුවේ රුසියාව කිපෙයි


යුක්රේනය සම්බන්ධයෙන් මොස්කව් වෙත අනතුරු ඇඟවීමක් කරමින් ඇමෙරිකාව සහ යුරෝපා සංගමය විසින් රුසියාව වෙත පනවනු ලැබූ නවතම සම්බාධක සම්බන්ධයෙන් රුසියාව දැඩි විවේචනයක් එල්ල කර තිබේ.

රුසියාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය සර්ජි රයිබ්කොව් පවසා සිටින්නේ ඇමෙරිකාව විසින් රුසියාව වෙත පනවා ඇති සම්බාධක තුළින් එරට අධි තාක්ෂණික ක්ෂේත්‍රය දැඩි බලපෑමකට ලක්වන බවයි.

එමෙන්ම, ඇමෙරිකානු ඇඟිල්ලේ නැටවෙමින් යුරෝපා සංගමයත් රුසියාව වෙත සම්බාධක පැනවීම ලැජ්ජා සහගත බවද හෙතෙම පවසයි.

කෙසේ වෙතත් රුසියාව නැවත නැවත කියා සිටින්නේ තමන්ට යුක්රේනය ආක්‍රමණය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

නමුත්, රුසියානු හිතවාදීන් දිගින් දිගටම යුක්රේනයේ රජයේ ගොඩනැගිලි අත්පත් කරගනිමින් සිටින බව පැවසෙයි.

 



Recommended Articles